ප්රංශ ජනපතිවරණයේ දෙවැනි වටය ඇරැඹේ

ප්රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය මේ වනවිට ආරම්භ වී ඇත.
දෙවැනි වටය පැවැත්වෙන්නේ මධ්යස්ථමතධාරී වත්මන් ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී අපේක්ෂිකා මැරීන් ල පෙන් අතරේය.
ජනමත සමීක්ෂණ අනුව 44 හැවිරිදි මැක්රොන්ට, 53 හැවිරිදි ල පෙන් පරාජය කිරීමට හැකිවනු ඇතැයි ද පැවැසෙයි.
ප්රංශ වැසියෝ මිලියන 48.7 ක් ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
(රොයිටර්)

