ප්‍රංශ ජනපති ධුරය මැක්රොන්ට



ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට මධ්‍යගත අපේක්ෂක ඉමැනුවෙල් මැක්රොන් සමත් විය.

මැක්රොන් ජයග්‍රහණය කළේ සියයට 65.5 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි. ඒ අනුව, 39 හැවිරිදි මැක්රොන්, ප්‍රංශ ජනපති ධුරයට පත්වුණු ලාබාලතම තැනැත්තා ද වෙයි.

මැක්රොන්ගේ ප්‍රතිවාදියා අන්ත දක්ෂිණාංශික මැරීන් ල පෙන්ය. 48 හැවිරිදි පරිනත දේශපාලන චරිතයක් වුණු ඇයට හිමිකර ගැනීමට හැකිවූටේ සියයට 34.5 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

ප්‍රංශ දේශපාලනය මේ වනතුරුම සාම්ප්‍රදායික වශයෙන් ‘වම’ සහ ‘දකුණ’ ලෙස ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතරේ දෝලනය වෙමින් තිබුණි.

එම සම්ප්‍රදාය බිඳ දමමින් මධ්‍යගත අපේක්ෂකයකු කරළියට ආ පළමු අවස්ථාව මෙයයි. මෙය ප්‍රංශ දේශපාලනයේ ඓතිහාසික පෙරැළියකි.

බෙදීම්වලින් තොරව සැවොම එක්වී නව ඉදිරි ගමනක් ආරම්භ කරමු යැයි ජයග්‍රහණය සමරමින් මැක්රොන් ඔහුගේ ‘ඔන් මාර්ෂ්’ (ඉදිරිය බලා) ආධාරකරුවන්ට පැවැසීය.

මැක්රොන්ට සුබ පතමින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ මැක්රොන් සමඟ එක් වී සහයෝගයෙන් වැඩ කරන්න තමන් අපේක්ෂා කරන බවය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS