පළමු විදෙස් සංචාරය අරඹමින් ට්රම්ප් සෞදි යයි

ජනපති ධුරයට පත්වීමෙන් පසු, පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ඇමෙරිකා ජනාධිපති සෞදි අරාබිය බලා පිටත්ව ගියේය.
මැදපෙරදිග කලාපයේ පමණක් නොව, මුළු ලෝකයෙන්ම ඇමෙරිකාවේ අංක එකේ හිතවතා සෞදියයි.
ජනපති ට්රම්ප් ආරම්භ කළේ අට දින විදෙස් සංචාරයකි. බිරිය මෙලානියා ද ඊට එක් වී සිටින්නීය.
සෞදියෙන් පසු ඊශ්රායලයේ, පලස්තීන පාලන ප්රදේශයේ සංචාරය කිරීමට ට්රම්ප් සූදානම් වෙයි. ඉන්පසු බෙල්ජියමේ බ්රසල්ස් නුවරටත්, වතිකානයටත් සිසිලියටත් යනු ඇත.
පළමු විදෙස් සංචාරය සඳහා ට්රම්ප් තෝරා ගෙන ඇත්තේ ඉස්ලාම්, යුදෙව් සහ ක්රිස්තියානි දහම නියෝජනය කරන ප්රධාන රටවල් වීම ද සුවිශේෂත්වයකි. වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්තුමන් හමුවීම ද අපේක්ෂිතය.
සෞදියේ දී ජනපති ට්රම්ප් අසල්වැසි කලාපීය අරාබි රටවල නායකයන් හමුවී ආරක්ෂක කටයුතු සහ ත්රස්තවාදය ගැන සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට ද අපේක්ෂිතය.
(ඒ.එෆ්.පී.)

