පළමු වරට සිංගප්පූරුවට ජනපතිවරියක්

සිංගප්පූරුවේ ජනපතිධුරය සඳහා පළමු වරට කාන්තාවක් තේරී පත් විය. ඇය 63 හැවිරිදි හලීමා යාකෝබ් ය.
හිටපු කතා නායිකාවක ද වන හලීමා ජනපති ධුරයට පත් වූයේ නිතරඟයෙනි. ඊට හේතුව, අය සමඟ ජනපති ධුර අපේක්ෂකයන් ලෙස අයැදුම්පත් ඉදිරිපත් කළ සෙසු අපේක්ෂකයන් දෙදෙනා වන මොහොමද් සාගේ මරිකාන් සහ ෆරීද් කාන් යන දෙදෙනාගේ ඇයැදුම්පත් ප්‍රතික්ෂේප වුණු නිසාය.
හලීමා යාකෝබ් පාර්ලිමේන්තු කතා නායිකාව ලෙස එම ධුරයට පත් වූයේ 2013 වසරේදීය. එම ධුරයට පත් වුණු පළමු කාන්තාව ද ඇය වූවාය.
හලීමා සිංගප්පූරුවේ 8 වැනි ජනාධිපති ද වෙයි.
සිංගප්පූරුව යනු මැලේසියාවට දකුණු දෙසින් පිහිටි දූපත් රාජ්‍යයකි. සිංගප්පූරුව ගෝලීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ද වෙයි. 2016 ලෝක බැංකු වාර්තා අනුව සිංගප්පූරුවේ ජනගහනය මිලියන 5.6 කි. නිල භාෂා වන්නේ ඉංග්‍රීසි, දෙමළ, මැලේ සහ මැන්ඩරීන්ය.
(ඒ.එෆ්.පී.)

