පල්ලියකට හෙන ගහලා

අප්රිකාවට අයත් රුවන්ඩාවේ කතෝලික පල්ලියකට අකුණු සැර වැදීමෙන් දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි බැත්මත්හු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකු රෝහල් ගත කරද්දී මියගිය බව පසුව දැනගන්න ලැබුණි.
අකුණු සැර වැදී ඇත්තේ නයාරුගුරු දිස්ත්රික්කයේ පිහිටි පල්ලියකට යැයි ද පැවැසෙයි. පල්ලියට අකුණු සැර වැදී ඇත්තේ ඒ අවස්ථාවේ හටගත් අකුණු කුණාටුවක් හේතුවෙන් යැයි ද පැවැසෙයි.
(බී.බී.සී.)

