පකිස්ථාන ක්‍රීඩක අෆ්රිඩිගෙන් සමාජ සත්කාරයක්

ඇප මුදල් ගෙවා ගත නොහැකිව ඩුබායි හි බන්ධනාගාරගතව සිටි පකිස්ථාන ජාතික සිරකරැවන් තිස්දෙනෙකු මුදා ගැනීම සඳහා පකිස්ථාන් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි අනුග්‍රහය දක්වා ඇතැයි ගල්ෆ් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර සිටී.
අෆ්රිඩි සිය සමාජ සත්කාරක කටයුතු වෙනුවෙන් ‘‘ෂහීඩ් අෆ්රිඩ් “ නමින් පදනමක් පිහිටුවා තිබෙන අතර එම පදමේ තවත් එක් සත්කාරකයක් වශයෙන් මෙම පියවර ගෙන ඇත.2014 මාර්තු මාසයේදී පිහිටූයා ඇති අෆ්රිඩි පදනම් පකිස්ථානයේ ග්‍රාමීය පළාත් හි ළමුන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් හා එම පළාත් හි විවිධ රෝහල් තැනීම වෙනුවෙන් ආධාර උපකාර කරමින් සිටිති.
පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වන අෆ්රිඩ් මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම් ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ‘‘ අල්ලාහ් දෙවිදුන් ගේ රැකවරණයෙන් අපේ සිරකරැවන් තිස් දෙනකු මුදා ගැනම හැකිවූවා, මොවුන් මුදා ගැනීමට ඩුබායි පොලීසිය දැක්වූ සහාය මා අගය කරනවාතඔවුන් ඉදිරි දින කිහිපයේදී යළ පකිස්ථානයට පැමිණේවි. යැයි කියමිනි.
ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්රය තුළ ෂහීඩ් අෆ්රිඩ් ප්‍රසිද්ධ වී සිටින්නේ කුකුල් කේන්තිකාරයෙකු ලෙසිනි.එවැනි ගතිගුණ වලින් හෙබි අෆ්රිඩ්ගේ මෙම ක්‍රියාව බොහෝ දෙනෙක් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ අගය තිබණි.
( තිළිණි ද සිල්වා )
ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි....

