නෝත්‍රදාම් දෙව්මැදුර හදලා ඉවරයි
2019 වසරේ ගින්නකට හසුවීමෙන් විනාශ වූ ප්‍රංශයේ පැරිස් නුවර නොත්‍රදාම් දෙව්මැදුර පැවැති ආකාරයටම යළි සාදා නිම කිරීමට ප්‍රංශ රජය කටයුතු කර ඇත.
දෙව් මැදුරේ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු අවසන් වීම සනිටුහන් කරමින් ඊට සම්බන්ධ සියලු දෙනා වෙනුවෙන් ස්තුති කිරීමට දෙව් මැදුරේ විශේෂ උත්සවයක් පැවැත්විණි. ඒ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප්‍රධානත්වයෙනි.
නොත්‍රදාම් දෙව්මැදුර ප්‍රංශයේ අනන්‍යතාවකි. එය සංචාරක ආකර්ශණයක් ද වෙයි. ගින්නෙන් විනාශ වුණු දෙව්මැදුර තිබුණු ආකාරයට යළි ගොඩ නැගීමට වසර ගණනක් වෙහෙසීමට සිදුවිය. දෙව්මැදුර ලබන 6 වැනිදා විශේෂ දේවමෙහෙයක් ද සමඟ නිල වශයෙන් යළි විවෘත කෙරනු ඇත.