නොබෙල් පදක්කම වෙන්දේසි කරලා



2021 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ රුසියන් මාධ්‍යවේදී දිමිත්‍රි මුරාටෝව්, ඔහුට හිමි නොබෙල් රන් පදක්කම ඇමෙරිකන් ඩොලර් මිලියන 103.5 ක මුදලකට වෙන්දේසි කර, එම මුදල රුසියන් යුක්රේන යුද්ධයෙන් අවතැන් වුණු යුක්රේන දරුවන්ට පරිත්‍යාග කර තිබේ.

2021 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය ජාත්‍යන්තර මාධ්‍යවේදීන් දෙදෙනකු අතරේ බෙදී ගියේය. ඒ, දිමිත්‍රි මුරාටෝව් සහ පිලිපීන මාධ්‍යවේදිනී මරියා රෙසා අතරේය.

දිමිත්‍රි මුරාටෝව්, රුසියා​වේ ‘නො​වෝයා ගැසෙටා’ පුවත්පතේ සම කතෘවරයාය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS