නොබෙල් තෑග්ග දෙන්න වටින්නේ නෑ

ඊශ්‍රායල පලස්තීන සාම කතා අවුල් කරමින්, මැදපෙරදිග ‘ගිනි අවුළුවන’ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සුදුසු නැති බව ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ඊහ්රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගත් අතර, ඇමෙරිකා තානාපති කාර්යාලය ද ජෙරුසිලටම මාරු කළේය. ඒ සමඟ ගාසා තීරයේ විරෝධතා දැක්වූ පලස්තීනුවන්ට ඊශ්‍රායල හමුදා වෙඩි තැබුවේය. එයින් මියගිය ගණන සියයකට ආසන්න යැයි පැවැසෙයි. තුවාල ලැබූ ගණන දෙදහසකි.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය දිය යුතු බව පෙන්වා දී ඇත්තේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ය. ඒ, උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සහ ගැනීම නිසාය.
කෙසේ නමුත් මේ වනවිට උතුරු කොරියා නායක කිම් ජෝ උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පැවැත්වීමට නියමිත හමුව, අවලංගු වීමට ඉඩ ඇතැයි බියක් හටගෙන තිබේ.
මේ අතර, මෙවර නොබෙල් ත්‍යාගය දීමට සුදුසු ට්‍රම්ප්ට නොව, න්‍යෂ්ටික කටයුතු නවත්වා සාම මාවතකට පිවිසීමට සුදානම් වන උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂක මහාචාර්ය ඩෙනිස් එල්ටර් පවසා ඇත.
(ප්‍රෙස් ටීවී)

