නේපාලයට තවත් ප්‍රබල භූමි කම්පාවක්



නේපාලය තවත් භූමි කම්පාවකින් කැලැඹිණි. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් සටහන් කළ බව පැවැසෙයි.

නේපාලය රික්යර් පරිමාණයේ ඒකක 6.4 ක භූමි කම්පාවකින් කැලැඹුණේ පසුගිය 4 වැනිදාය. එයින් මියගිය ගණන මේ වනවිට 150 පසු කර තිබේ.

නේපාලය කැලැඹූ භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි ඉන්දියාවට පවා හොඳින් දැණුනු බව වාර්තා වේ. නේපාලය ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් භූ කම්පනවලින් බලපෑම් එල්ල වීම ස්වභාවිකය.

මේ අතර, භූමි කම්පාවෙන් විපතට පත්වුණු නේපාල වැසියන්ට ආධාර රැගෙන ඉන්දීය වෛද්‍ය කණ්ඩායමක්, හමුදා කණ්ඩායමක් සහ දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් නේපාලයේ කත්මණ්ඩු අගනුවර බලා පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.


RECOMMEND POSTS