නෙවල්නිගේ සිරුර මවට



රුසියානු විපක්ෂ නායකයා ලෙස සැලකූ ඇලෙක්සි නෙවල්නිගේ සිරුර අවසානයේදී ඔහුගේ මවට බාරදී ඇතැයි නෙවල්නිගේ මාධ්‍ය ප්‍රකාශිකාව වූ කීරා යර්මිශ් ප්‍රකාශ කළාය.

නෙවල්නිගේ අවසන් කටයුතු කරන ආකාරය තවමත් තීරණය කර නොමැති බවත් නෙවල්නිගේ සිරුර බාර දෙන ලෙස රුසියානු බලධාරීන්ට බලකර සියලු දෙනාට ස්තුතිය පිරිනමන බවත් මාධ්‍ය ප්‍රකාශිකාව පැවැසුවාය.
 
ස්වභාවික හේතුන් මත නෙවල්නිගේ මරණය සිදු වූ බවට මරණ සහතිකයට අත්සන් තැබීමෙන් පසුව කිසිවෙකුගේ සහභාගීත්වයක් නොමැතිව පුද්ගලිකව අවසන් කටයුතු සිදුකිරීමට කැමැතිවීමට රුසියානු බලධාරීන් නෙවල්නිගේ මවට පැය 3 ක කාලයක් ලබා දී තිබූ බවද යර්මිශ් සඳහන් කළාය.එසේ කැමති නොවන්නේ නම් නෙවල්නි සිරගත කර සිටි බන්ධනාගාර භූමියේම ඔහුගේ සිරුර වළලා දමන බවට රුසියානු බලධාරීන් තර්ජනය කර තිබූ බවද මාධ්‍ය ප්‍රකාශිකාව පැවැසුවාය.

RECOMMEND POSTS