නෙදර්ලන්තයට ආ වැඩි දෙනකුට කොවිඩ්



දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර ෂිපෝල් ගුවන්තොටුපොළට පැමිණි ගුවන් මගීන්ගෙන් 61 දෙනකුට 'කොවිඩ් 19' ආසාදනය වී ඇති බවත්, ඔවුන්ට ආසාදනය වී ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතිය යැයි සැක කරන බවත් නෙදර්ලන්ත සෞඛ්‍ය අධිකාරිය පවසයි.

මෙම ආසාදිතයන් 61 දෙනා හමුවී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් ආ ගුවන් මගීන් 624 දෙනකු පරීක්ෂා කළ අවස්ථාවේදීය.

මොවුන් මේ වනවිට වැඩි දුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් ඔවුන්ට ආසාදනය වී ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතිය ද නැද්ද යන්න කඩිනමින් දැන ගැනීමට හැකිවනු ඇති බවත් නෙදර්ලන්ත සෞඛ්‍ය අධිකාරිය පැහැදිලි කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS