නීෂා බිස්වාලුත් ගෙදර



ඔබාමා පාලන සමයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු බාර ඇමෙරිකන් සහකාර රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ ඉන්දීය සම්භවයක් සහිත නීෂා බිස්වාල් ද ධුරයෙන් ඉවත් කිරීමට නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු බාර ඇමෙරිකන් සහකාර රාජ්‍ය ලේකම්වරිය ලෙස නීෂා බිස්වාල් සහ ශ්‍රී ලංකා රජය අතරේ පසුගිය කාලය පුරා යහපත් සබඳතා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සංහිදියා ක්‍රියාවලිය අධීක්ෂණය කළේ ද නීෂා බිස්වාල් ය.

ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා විසින් නීෂා බිස්වාල් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු බාර ඇමෙරිකන් සහකාර රාජ්‍ය ලේකම්වරිය බවට පත් කරනු ලැබුවේ 2014 වසරේ ජනවාරි 25 වැනිදාය.

ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු බාර ඇමෙරිකන් සහකාර රාජ්‍ය ලේකම් ධුරය හිමිවීමට නියමිතව ඇත්තේ විලියම් ට්‍රොඞ්ටය.

(රොයිටර්)


RECOMMEND POSTS