නීතිය හෑල්ලුවට ලක් වෙන්න දෙන්න බෑ



තෙලංගානා ප්‍රාන්තයේ පශු වෛද්‍යවරිය ප්‍රියංකා රෙඞ්ඩි දූෂණය කර මරාදැමූ සැකකරුවන් පලා යෑමට උත්සාහ ගත්තේ යැයි පවසා, ඔවුන්ට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය අගවිනිසුරු බොබ්දේ පවසා ඇත්තේ නීතිය හෑල්ලුවට ලක් කිරීම වැළැක්විය යුතු බවය.

‘තෙලංගානා පශු වෛද්‍යවරිය දූෂණය සහ ඝාතනය සිද්ධියේ සැකකරුවන් සිවු දෙනා මරා දැමීම, බොහෝ දෙනකුගේ පැසුමට ලක්වුණා. ඒ සමඟ නීතිය හෑල්ලුවට ලක් වුණා. සිදුවුණු දේ අනුමත කළ නොහැකියි’ යැයි අගවිනිසුරුවරයා වැඩිදුරටත් පවසා ඇත.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS