නිව්මෝනියා රෝගීන්: චීනයෙන් පැහැදිලි කිරීමක්



නිව්මෝනියා ආසාදන තත්ත්වයක් ඇති කරමින්, චීනයේ නගර කීපයක පැතිරෙන නව වයිරස උණ සම්බන්ධයෙන්, චීන සෞඛ්‍ය අංශ තමන්ට පැහැදිලි කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසීය.

චීන සෞඛ්‍ය බලධාරීන්, එම පැහැදිලි කිරීම කළේ, නව වයිරස උණ රෝගය සම්බන්ධයෙන් වහා පැහැදිලි කිරීමක් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

එය නව වයිරස රෝගයක් නොවන බවත්, නිව්මෝනියා රෝගීන්ගේ වැඩිවීම සාමාන්‍ය සිදුවීමක් බවත්, චීන සෞඛ්‍ය බලධාරීන් තමන්ට පැහැදිලි කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පවසා තිබේ.

මේ වනවිට චීනයේ බෙයිජීං අගනුවර ද ඇතුළු නගර කීපයක රෝහල් නිව්මෝනියා රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනා කුඩා දරුවන්ය.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ 2019 වසරේය. ‘කොවිඞ් 19’ වයිරසය හිස එසවූයේත්, පසුව ගෝලීය වසංගතයක් බවට පත් වී ලොව පුරා ව්‍යාප්ත වූයේත් නිව්මෝනියා ආසාදන තත්ත්වයක් ඇති කළ නව වයිරස රෝගයක් ලෙසය.


RECOMMEND POSTS