නිවසින් යද්දී ’මාස්ක්’ අනිවාර්යයි



නිවසින් පිටතට යනවා නම්, මුහුණු ආවරණ (මාස්ක්) අනිවාර්ය බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරෙන්සා පවසයි. 'ඔමික්‍රෝන්' ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

ඉතාලි රජය, මීට පෙර ද මුහුණු ආවරණ අනිවාර්ය කර තිබුණි. 2020 වසරේ 'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැට කෑ රාජ්‍යයක් වන්නේ ඉතාලියයි. එදා ඉතාලිය යුරෝපයේ 'කොවිඩ් 19' කේන්ද්‍රස්ථානය බවට පත් වී තිබුණි.

රෝමයේදීය (රොයිටර්)


RECOMMEND POSTS