නියෝජිතයෝ හමුවෙති



ධවල මන්දිර නියෝජිත කණ්ඩායමක් සහ උතුරු කොරියා නියෝජිත කණ්ඩායමක් අතර විශේෂ හමුවක්  උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ පිහිටි සාම ගම්මානයේදී පැවැත්විණි.

ඇමෙරිකා සහ උතුරු කොරියා නියෝජිතයන් මෙසේ හමුවී සාකච්ඡා පැවැත්වූයේ ලබන 12 වැනිදා සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහභාගී වන සාම සමුළුව සම්බන්ධයෙනි.

මෙම සාම සමුළුව කිහිප වතාවක් අවලංගු කෙරුණි. අවසන්වරට සමුළුව අවලංගු කරනු ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දා (24) ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසිනි.

එම අවස්ථාවේදී උතුරු කොරියා බලධාරීන් දිගින් දිගටම ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ සමුළුව කෙසේ හෝ පවත්වන ලෙසය. ඒ අනුව, යළි සමුළුව පැවැත්වීම කෙරෙහි අවධානය යොමු විය.

(රොයිටර්)


RECOMMEND POSTS