නිදහස සොයා ගිය දියණිය



මේ රොයිටර් ඡායාරූප ශිල්පී ජොහැනා ගෙරොන්ගේ කැමරාවට හසුවුණු ඡායාරූපයකි. මෙහි දැක්වෙන්නේ, සියලු දේ අතහැර, තලේබාන්වරුන්ට බියෙන් පණටත් වඩා ආදරේ තම දියණිය සහ පුතු රැගෙන බෙල්ජියම් හමුදා යානයකින් බෙල්ජියමේ මෙස්බ්‍රොක් හමුදා ගුවන් කඳවුරට ආරක්ෂිතව පැමිණි ඇෆ්ගන් යුවලකි.

අලුත් ජීවිතයක් ඇරැඹීමේ අරමුණින් බෙල්ජියම වෙත ආ එම කුඩා දියණියගේ ඉහවහා ගිය සතුට මෙම ඡායාරූපයෙන් මනාවට දිස්වෙයි.

මෙම ඡායාරූපය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ මහත් සේ කතාබහට ලක් වී තිබේ. මෙි දියණියට දැන් නිදහසේ අලුත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත. ආරම්භය අභියෝගයක් වුවත් නිදහසේ ජීවත් වීමට ඇයට ඉඩ ලැබෙනු ඇත. නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය තරම් වටිනා දෙයක් තවත් තිබෙනවාද? මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ Share කරමින් බොහෝ දෙනා විමසා තිබේ.

ජනතා හිතවාදී මධ්‍යස්ථ පාලනයක් හඳුන්වා දෙන බව පැවැසුවත්, ඇෆ්ගන් වැසියන් බොහෝ දෙනකුගේ විශ්වාසය තලේබාන්වරුන් යළි දලදඩු ෂරියා නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවය. ෂරියා නීතිය යටතේ බාලිකා අධ්‍යාපනය තහනම් වන අතර කාන්තාවන්ට තහංචි රැසක් පැනැවෙයි.

කාබුල් ගුවන්තොටුපොළේ පොරකමින්, විදේශ බලා යෑමට ඇෆ්ගන් වැසියන් උත්සාහ ගන්නේ මේ නිසාය.

(රොයිටර්)


RECOMMEND POSTS