නාසා චන්ද්‍ර යානය සඳ බලා යයි



ඇමෙරිකාවේ නාසා ආයතනය, නව රොකට්ටුවක ආධාරයෙන්, සඳ ගවේෂණයට රොබෝ යානයක් පිටත් කර හැරියේය. මෙම යානය නම් කර ඇත්තේ පෙරිග්‍රීන් චන්ද්‍ර යානය Peregrine Lunar Lander යනුවෙනි.

නාසා ආයතනයේ කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස් NASA’s Commercial Lunar Payload Services (CLPS) වැඩසටහන යටතේ, පෙරිග්‍රීන් චන්ද්‍ර යානය පෘථිවි කක්ෂයට සාර්ථකව රැගෙන ගියේ යුනයිටඩ් ලොන්ව් අලයන්ස් United Launch Alliance (ULA) සමාගම නිපදවා ඇති නව රොකට්ටුවේ ආධාරයෙනි.

පෙරිග්‍රීන් චන්ද්‍ර යානය නිපදවා ඇත්තේ, නාසා ආයතනය වෙනුවෙන්, ඇස්ට්‍රෝබෝටික්ස් Astrobotics තාක්ෂණ සමාගම විසිනි. ඇස්ට්‍රෝබෝටික්ස් Astrobotics යනු ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගමකි.

නාසා ආයතනයේ කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස් වැඩසටහන යටතේ සඳට යැවෙන පළමු ගවේෂණ යානය වන්නේ ද මෙම යානයයි. යානය සඳ මතට පතිත කරවන ලෑන්ඩර් Lander වර්ගයේ එකකි.

යානය, පෙබරවාරි මස 23 වෙනිදා සඳට ගොඩබැසීමට නියමිතය.

මීට වසර 50 කට පමණ පෙර, ඇපලෝ මෙහෙයුම් අවසන් වීමෙන් පසු ඇමෙරිකාවේ නාසා ආයතනය, රොබෝ යානයක්, සඳට යවන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS