නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකකට ප්‍රහාරයක්



නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට අද (15) වෙඩි ප්‍රහාර එල්ල වුණු අතර පුද්ගලයන් බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත් වී, තවත් කිහිප දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.

පළමු වෙඩි ප්‍රහාරය එල්ල වූයේ අල් නූර් මුස්ලිම් පල්ලියටය. දෙවැනි වෙඩි ප්‍රහාරය එල්ල වූයේ ලින්වුඞ් මුස්ලිම් පල්ලියටය. වෙඩි ප්‍රහාරය ගැන සැලවුණු සැණින්, පොලිසිය වහා ක්‍රියාත්මක වූ බව පැවැසෙයි. පොලිසිය කියා සිටියේ එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් තවත් සැකකරුවකු නිදැල්ලේ පසුවන බවත්ය.

සිද්ධිය දැනගත් සැණින්, නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් ක්‍රයිසිට්චර්ච් නගර බලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වූවාය. ඇය ඉන්පසු හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, නවසීලන්ත අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දුන් බවය.

ක්‍රයිස්ට්චර්ච්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS