නවසීලන්තයේ දුම්වැටි තහනම ඉවතට



දුම්වැටි තහනම් කිරීමට, නවසීලන්ත හිටපු අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ප්‍රමුඛ කම්කරු පකෂ රජය ගෙන තිබුණු තීරණය අත්හිටුවීමට එරට නව රජය තීරණය කර තිබේ.

මේ වනවිට නවසීලන්තයේ බලයේ සිටින්නේ දක්ෂිණාංශික ජාතික පක්ෂ ප්‍රමුඛ සන්ධාන රජයයි. දක්ෂිණාංශික ජාතික පක්ෂයට නායකත්වය දෙන ක්‍රිස්ටෝපර් ලුක්සන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරය හොබවයි.

අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් සහ ඇගේ කම්කරු පක්ෂ රජය පියවර ගෙන තිබුණේ 2008 වසරෙන් පසු උපන් අයට දුම්වැටි අලෙවිය තහනම් කිරීමටය. ඒ අනුව, දුම්වැටි තහනම් කෙරුණු පළමු රට නවසීලන්තය බවට පත් විය. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසැසුමට ලක් විය.

කෙසේ නමුත් නව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ සන්ධාන රජය, බදු අඩු කරමින් ජනතාවට සහන දීමට පොරොන්දු වී බලයට පැමිණ සිටී. බදු අඩු කිරීමට අරමුදල් උපයා ගැනීමට නම්, පසුගිය කම්කරු පක්ෂ රජයේ දුම්වැටි තහනම අත්හිටුවීමට සිදුවන බව නව අග්‍රාමාත්‍ය ලුක්සන් මාධ්‍ය හමුවේ පවසා ඇත.


RECOMMEND POSTS