නවසීලන්තයෙන් යුක්රේනයට තවත් ආධාර

ආධාර පැටවූ ‘සී 130 හර්කියුලීස්’ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් යුක්රේනයට යැවීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ.
ගුවන් යානයෙන් යුක්රේන හමුදාවට අවශ්‍ය යුදෝපාකරණ යැවීමට කටයුතු කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් පවසා තිබේ.
නවසීලන්තය හමුදාවට ආධාර ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 13 ක්, මානුෂීය ආධාර වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 7.5 ක් ලබා දීමට පියවර ගෙන තිබේ.
(රොයිටර්)

