නවසීලන්ත මැතිවරණය: ජාතික පක්ෂයට ජය



නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වුණු අතර, කම්කරු පක්ෂයට බලය අහමි විය.

සියයට 40 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත් වූයේ විපක්ෂ නායක ක්‍රිස්ටෝපර් ලුක්සොන් සහ ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂයයි.

ව්‍යාපාරිකයකු මෙන්ම කොන්සවර්ටිව් දේශපාලනඥයකු ද වන ක්‍රිස්ටෝපර් ලුක්සොන් ප්‍රමුඛ මධ්‍ය දක්ෂිණාංශික ජාතික වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගත්තත්, බහුතර බලයක් හිමි නොවිණි.

ඒ අනුව, නව රජයක් පිහිටුවීමේ දී දක්ෂිණාංශික ජාතික පක්ෂය ‘ඒ.සී.ටී’ පක්ෂය සමග සන්ධානගත වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS