නවදිල්ලියේ වායු දූෂණය ඉහවහා යයි



වායු දූෂණය තව තවත් උග්‍රවීම හේතුවෙන්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාසල් සතියක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

මේ වනවිට මිලියන 30 ක ජනගහනයක් වෙසෙන නවදිල්ලි අගනුවර ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇතැයි ද පැවැසෙයි.

‘වායු දූෂණය දිනෙන් දින උග්‍ර වෙනවා. වෛද්‍ය උපදෙස් සැලකිල්ලට ගනිමින් දිල්ලියේ සියලුම ප්‍රාථමික පාසල් ලබන 10 වැනිදා තෙක් වසා දැමීමට තීරණය කළා.’ යැයි දිල්ලි ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍ය අතීෂි මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

සෑම වසරකම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී නවදිල්ලි අගනුවර විෂ වායු දුමාරවලින් වැසෙයි. ඊට හේතුව අසල්වැසි ප්‍රාන්තවල ගොවීන් කෘෂිකාර්මික කටයුතු සඳහා විශාල වශයෙන් පිදුරු ගිනි තැබීම හේතුවෙනි.

හින්දු ආගමික උත්සව හේතුවෙන් ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම, රතිඤ්ඤා දැල්වීම ආදිය ද නවදිල්ලි අගනුවර වායු දූෂණයට හේතුවක් වී තිබේ.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS