නව සුනාමි අනතුරු පද්ධතියක්

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමේ නව පද්ධතියක් ස්ථාපිත කරන බව එරට බලධාරීහු පවසති.
පසුගිය 23 වැනිදා ක්රැකටෝවා ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ සිදුවුණු පස්කඳු නායයෑමකින් ඉන්දුනීසියාව සුනාමියකින් බැටකෑවේය. එම සුනාමිය පිළිබඳ කල්තියා අනතුරු ඇඟවීමක් ලැබුණේ නැත. එම සුනාමියෙන් මියගිය ගණන 500කට ආසන්න යැයි ද පැවැසෙයි.
මෙම නව අනතුරු ඇඟවීමේ පද්ධතිය මගින් මුහුදේ ඇතිවන සියුම් වෙනස්වීම් පවා හසු කර ගැනීමට හැකිවනු ඇති බවත්, ඉදිරියේ දී මුහුදු පතුළේ හටගන්නා භූමි කම්පාවලින් පමණක් නොව, පස් කඳු නායයෑම්වලින් පවා හටගන්නා සුනාමි ගැන කඩිනමින් අනතුරු ඇඟවීමට මෙම නව පද්ධතියට හැකිවනු ඇති බව පැවැසෙයි.
(රොයිටර්ස්)

