නව විකෘති චීනය කලඹයි



‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරසයේ, ‘බී.ඒ.1’ සහ ‘බී.ඒ.2’ උප  ප්‍රභේදවලින් නිර්මාණය වුණු තවත් උප ප්‍රභේද දෙකක් චීනයේ නගර දෙකකින් හමුවී තිබේ. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී ඇති බව පැවැසෙයි.

මෙම නව උප ප්‍රභේද ‘බී.ඒ.1.1’ සහ ‘බී.ඒ.2.1’ යනුවෙන් නම් කිරීමට චීන සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. ‘බී.ඒ.1.1’ යන නමින් නම් කළ නව උප ප්‍රභේදය හමුවී ඇත්තේ චීනයේ සූෂෝ නමැති නගරයෙන් වන අතර, ‘බී.ඒ.2.1’ නව උප ප්‍රභේදය හමුවී ඇත්තේ ඩාලියන් නමැති නගරයෙනි.

ඩාලියන් නගරය පිහිටා ඇත්තේ, චීනයේ ෂැංග්හායි නුවර සිට කිලෝ මීටර් 70 ක් දුරිනි. මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් දරුණු ලෙස බැටකන චීන නගරයක් වන්නේ ෂැංග්හායි ය. ෂැංග්හායි චීනයේ ආර්ථික කේන්ද්‍රස්ථානයයි.

ගතවුණු පැය 24 ඇතුළත ඩාලියන් නගරයෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයන් 13,000 ක් හමුවුණු බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනකුට ආසාදනය වී ඇත්තේ ‘බී.ඒ.2.1’ බවත් චීන බලධාරීහු පෙන්වා දෙති. එමෙන්ම හමුවුණු එම ආසාදිතයන් 13,000 දෙනාගෙන් වැඩි දෙනා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන පුද්ගලයන් බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැහැදිලි කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS