නව ජනපති ලෙස දිවුරුම් දෙයි



ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ලෙස  ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 18)   දිවුරුම් දුන්නේය.‍  මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද,  සුබ නැකතින්, අනුරාධපූර රුවන්මැලි සෑය ඉදිරිපිටදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීම සිදුවිය.

ඊයේ  (17)   අවසන් වු  ජනාධීපතිවරණයෙන්  මහජන ඡන්ද  6,924,255 ලබාගත්  රාජපක්ෂ මහතා ජනාධීපතිවරයා ලෙස තේරී පත්විය.

හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක් ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දින සැමරුමට සමගාමීව මෙම උත්සවය සංවිධානය කර තිබිණි. මැති, ඇමැතිවරු, තානාපතිවරුවරු ඇතුළු  දහස් ගණනක් පාක්ෂකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රටේ ජනාධිපතිවරයා ලෙස   ලැබී  ඇති  විධායක බලතල රටේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට කිසි විටෙක පසුබට නොවන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පැවසීය.

ශ්‍රී ලංකාව  සමඟ ගනුදෙනු කිරීමේදී  රටේ ඒකීයත්වයට, ස්වාධීනත්වයට ගරු කරන ලෙස සියලු  විදෙස්  රටවලින් ඉල්ලා සිටින බවද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 


RECOMMEND POSTS