නරුහිතෝ කුමාරු කිරුළු පළදී

ජපානයේ ඔටුන්න හිමි නරුහිතෝ කුමරු හෙට (1) ජපාන අධිරාජ්‍යයා ලෙස කිරුළු පැළැඳීමට නියමිතය.
59 හැවිරිදි නරුහිතෝ කුමරුන් ජපන් අධිරාජ්‍යයා ලෙස කිරුළු පළදින්නේ, ඔහුගේ පියා අකිහිතෝ අධිරාජ්‍යයා කිරුළ අත්හැරීමට දැමීමට තීරණය කිරීමෙන් පසුවය. වසර 200 කට පසු ජපන් අධිරාජ්‍යයකු ජීවතුන් අතර සිටිද්දී, රජකම අත්හළ පළමු අවස්ථාව මෙයයි.
ටෝකියෝ නුවර පිහිටි ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවසේ පැවැති පෞද්ගලික චාරිත්‍රවලින් අනතුරුව කිරුළෙන් නික්මීම සඳහා පැවැති නිල උත්සවය පැවැත්විණි.
මහලු වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසා තවදුරටත් සිය වගකීම් ඉටු කළ නොහැකි යැයි අකිහිතෝ අධිරාජ්‍යයා පවසා තිබූ අතර එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව 85 වන වියේ පසුවන අකිහිතෝ අධිරාජ්‍යයා රජකම අත්හැරීමට නීතියෙන් අවසර හිමිවිය.
අකිහිතෝ අධිරාජ්‍යයාගේ පුතුණුවන් වන නරුහිතෝ කුමරු හෙට (1) රජකම බාරගැනීම ඒ අනුව සිදුවෙයි. නරුහිතෝ කුමරුන්ගේ පත්වීමෙන් අනතුරුව නව යුගයක් ආරම්භ වනු ඇති බව ද පැවැසෙයි.
ජපාන අධිරාජ්‍යයාට කිසිදු දේශපාලන බලයක් නැති අතර ජාතික සංකේතයක් ලෙස සිය වගකීම් සහ යුතුකම් ඉටු කරයි. අකිහිතෝ අධිරාජ්‍යයා ජපන් ජනතාවගේ ජන ප්‍රසාදයට පත්වූවෙකි. ඔහු අධිරාජ්‍යයා වශයෙන් කටයුතු කළ කාලයේදී ඔහු මෙන්ම ජපාන වැසියෝ මහත් අභියෝග සහ ව්‍යවසනවලට මුහුණ දුන්හ.
ජපාන අධිරාජ්‍යයා සිය පවුලේ පුරාණ මුතුන් මිත්තන්ට තමන් රජකමෙන් ඉවත් වීම දැනුම් පෞද්ගලික චාරිත්‍රවල පළමු වැන්න විය. රජකම අත්හැරීමේ චාරිත්‍රවල පළමු පෞද්ගලික චාරිත්‍රය ලෙස එය අද (30) සවස පැවැත්විණි. අකිහිතෝ අධිරාජ්‍යයා නිල වශයෙන් රජකමෙන් ඉවත්වීමේ උත්සවයට 330 කට වැඩි පිරිසක් සහභාගී වූ බව විදෙස් වාර්තා කළේය.
ටොකියෝ නුවරදී (රොයිටර්)

