නයිගර් ජනපති ධුරයෙන් නෙරපයි



නයිගර් ජනාධිපති මොහොමද් බසූම් බලයෙන් පහ කළ බව, එරට හමුදාව පවසයි. නයිගර් හමුදා ප්‍රධානී අමෝදු ඇද්‍රමේන් සහ තවත් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසක් මෙසේ පැවැසුවේ, එරට රාජ්‍ය රූපවාහිනියට ගොස් විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

රටේ ආරක්ෂාව පිරිහෙමින් පවතින බැවින්, පවතින පාලනය අවසන් කිරීමට තමන් පියවර ගත්තේ යැයි හමුදා ප්‍රධානී අමෝදු ඇද්‍රමේන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

හමුදා කුමන්ත්‍රණය ආරම්භ වූයේ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් ජනාධිපති මොහොමද් බසූම් සහ මැති ඇමැතිවරුන් නිවාස අඩස්සියට ගැනීමෙන් පසුවය. ජනාධිපති ආරක්ෂක අංශයේ සහාය හමුදාවට හිමිවුණු බව පැවැසෙයි.

තමන් කුමන්ත්‍රණය කර බලය අල්ලා ගත්තේ කිසිදු ලේ වැගිරීමකින් තොරව බවත්, බටහිර රටවල් මෙම කුමන්ත්‍රණයට මැදිහත් වීමෙන් වැලැකී සිටින ලෙසත් හමුදා ප්‍රධානී අමෝදු ඇද්‍රමේන් පවසා තිබේ.

නයිගර් යනු බටහිර අප්‍රිකානු රාජ්‍යයකි. ඊසාන දෙසින් ලිබියාවට, නැගෙනහිරින් චැඞ් රාජ්‍යයට, දකුණු දෙසින් නයිජීරියාවට, බටහිරින් මාලි රාජ්‍යයට, නිරිත දෙසින් බෙනින් සහ බුර්කිනා ෆාසෝ යන රාජ්‍යවලට ද මැදිව නයිගර් පිහිටා ඇත. නයිගර් රාජ්‍යයේ අගනුවර නියාමේය. එරට ජනගහනය මිලියන 25 කි. නයිගර් රාජ්‍යය අතීතයේ ප්‍රංශ යටත් විජිතයක් විය. නයිගර් රාජ්‍යයේ නිල භාෂාව ප්‍රංශය.


RECOMMEND POSTS