නබි නායකතුමාට අපහාස කරයි

චාලි හෙබ්ඩෝ ප්‍රංශ සඟරාව, යළිත් වරක් නබි නායකතුමාට අපහාස වන අයුරින් විකට කාටූන් පළ කිරීම ආරම්භ කර තිබේ.
මීට වසර පහකට පමණ පෙර ද, චාලි හෙබ්ඩෝ සඟරාව නබි නායකතුමාට අපහාස වන අයුරින් විකට කාටූන් පළ කළේය. අයි.එස්.අයි.එස්. ඇතුළු ඉස්ලාමීය ත්රස්තවාදීන්ගේ පමණක් නොව, මුස්ලිම් ප්‍රජාවේ විරෝධය සහ අප්‍රසාදය ද ඊට දැඩිව එල්ල විය.
2015 ජනවාරියේ, ප්‍රංශයේ අයි.එස්.අයි.එස්. සාමාජිකයන් දෙදෙනෙක් පැරිස් අගනුවර චාලි හෙබ්ඩෝ කාර්යාලයට කඩා වැදී පහර දුන්හ. එහිදී චාලි හෙබ්ඩෝ කතුවරයා පමණක් නොව, කාටූන් ශිල්පීහු 12 දෙනෙක් මියගියහ.
එම ප්‍රහාරය සම්බන්ධයෙන්, ප්‍රංශ ආරක්ෂක අංශ 14 දෙනකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගේ නඩු විභාගය මේ වනවිට ආරම්භ වී තිබේ. චාලි හෙබ්ඩෝ ප්‍රංශ සඟරාව, යළිත් වරක් නබි නායකතුමාට අපහාස වන අයුරින් විකට කාටූන් පළ කිරීම අරඹා ඇත්තේ එම නඩු විභාගය පැවැත්වෙද්දීය.
නබි නායකතුමාට අපහාස වන අයුරින් විකට කාටූන් පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගෙන් අදහස් විමසූ අවස්ථාවේ ප්‍රංශ ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ඒ ගැන අදහස් දැක්වීමෙන් වැළැකී සිටින බවය.
එමෙන්ම ප්‍රංශය තුළ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇති බව ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් පැහැදිලි කළේය. කෙසේ නමුත් කිසිදු ආගමකට අපහාස කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බවත්, එසේ අපහාස කිරීම ආගමික වෛරය වැපිරීමක් බවත් ජනාධිපති මැක්රොන් පවසා තිබේ.
පැරිසියේදීය (රොයිටර්)

