දෝෂාභියෝගය ඉදිරියට



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා අදාල පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්නැයි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

ඇමෙරිකා පාර්ලිමේන්තුව (කොංග්‍රසය) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය ලෙස කොටස් දෙකකි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතුවය. සෙනෙට් මණ්ඩලයේ බලය ඇත්තේ රිපබ්ලිකන්වරුන් සතුවය. ජනපති ය්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට අදාල විමර්ශන කටයුතු පැවැත්වීම සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසුමක් පැවැත්විණි. එහිදී, 232 ක් ඒ සඳහා ඡන්දය ලබා දුන් අතර විරෝධය දැක්වූයේ 196 ක් පමණි.

ඇමෙරිකා ජනාධිපතිවරණය ලබන 2020 දී පැවැත්වෙයි. ඊට ට්‍රම්ප් ඉදිරිපත් වනු ඇත. ඒ, සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙනි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සැරැසෙන්නේ, ඇමෙරිකා ජනපති ට්‍රම්ප්, ඔහුගේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන ජෝ බයිඩන්ට ‘මඩ ගසමින්’ දේශපාලන වාසි ලබා ගැනීමට යුක්රේන ජනපතිවරයාගේ සහාය ලබා ගැනීම නීති විරෝධි බව පෙන්වා දෙමිනි. දෝෂාභියෝගයට පෙර විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතුය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS