දේශපාලනය නෑ

චීනයේ හුවායි සමාගමේ ප්‍රධානියාගේ දියණිය මෙන්ම, හුවායි සමාගමේ මූල්‍ය කටයුතු ප්‍රධානියා ලෙස ද කටයුතු කරන මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීම පසුපස දේශපාලන බලපෑමක් නැති බව කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ පෙන්වා දෙයි.
මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීම ඊයේ (6) සිදුවිය. ඒ, ඇය කැනඩාවේ ටොරොන්ටෝ බලා පැමිණි අවස්ථාවේදීය. ඇමෙරිකාවේ අවශ්‍යතාව මත අත්අඩංගුවට ගැනීම සිදුවුණු බවට චීනය කැනඩාවට දොස් නැගීය.
මෙංග් වංෂූ වහා නිදහස් කරන්නැයි චීන රජය කැනඩාවෙන් ඉල්ලීමක් ද කළේය. මෙංග් වංෂූ අත්අඩංගුවට ගැණුනේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.
ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනැවීමක් කර ඇත. එම සම්බාධක මධ්‍යයේ චීනය ඉරානය සමඟ ගනුදෙනු කරයි. ඒ සම්බන්ධයෙන් මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය වී ඇතැයි චීනය චෝදනා කර ඇත.
(ඒ.එෆ්.පී.)

