දෙවැනි මෙහෙයුම අද

ලෙන තුළ සිරවුණු දරුවන් බේරා ගැනීමේ දෙවැනි මෙහෙයුම අද (9) ආරම්භ වනු ඇත.
දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම සිදුවන්නේ තායිලන්ත නාවික හමුදාවේ නේවි සීල් භටයන්ගේ මූලිකත්වයෙනි. විදෙස් කිමිදුම් කණ්ඩායමක්, හමුදා සෙබළුන් පිරිසක් සහ සහන සේවකයෝ රැසක් ද තායිලන්ත රජයේ ආරාධනාව පරිදි දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටිති.
දිවි ගලවා ගැනීමේ කටයුතු කෙසේ සිදුවන්නේදැයි මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරන්නේ ලෙන පිහිටා ඇති චියැංග් රායි පළාතේ ආණ්ඩුකාර නරොන්ග්සාක් ඔසොත්තනාකෝම්ය.
ඊයේ දිනයේ මෙහෙයුම් අවසන් කළ අවස්ථාවේදී ආණ්ඩුකාරවරයා කියා සිටියේ සෙසු දරුවන් සහ පුහුණුකරු සඳහා අමතර ඔක්සිජන් ටැංකි ලබා දීමට ඔක්සිජන් ටැංකි කිමිදුම්කරුවන් අතේ යැවූ බවය. සිරවුණු 13 දෙනා බේරා ගැනීමේ පළමු මෙහෙයුම සාර්ථක වූ බව ද ආණ්ඩුකාරවරයා පැහැදිලි කළේය.
පළමුවෙන් බේරා ගත් දරුවන් සිවුදෙනා. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් මාධ්‍ය හමුවේදී ආණඩුකාරවරයා පෙන්වා දුන්නේය. ලෙන තුළ දරුවන් 12 දෙනා සහ පුහුණුකරු සමඟ තායිලන්ත නාවික හමුදාවේ වෛද්‍යවරුන් දෙදෙනකු ද රැඳී සිටින බව පැවැසෙයි.
කිමිදුම්කරුවන් සමඟ යාමට සුදුසු කවුරුදැයි යන්න තීරණය කරන්නේ ස්වේච්ඡාවෙන් දරුවන් සහ පුහුණුකරු අසල රැඳී සිටින වෛද්‍යවරුන් දෙදෙනාය. දරුවන් සියල්ලන්ම මුදා ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරු පිටතට ගැනීම සිදුවනු ඇති බව පැවැසෙයි.
(රොයිටර්)

