දෙවැනි පාරටත් කොරෝනා හැදිලා



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් රෝගී වී, ඉන්පසු සම්පූර්ණයෙන් සුවය ලබා නිවෙස් බලා ගිය ඇතැමුන්ට යළි වයිරසය ආසාදනය වී ඇතැයි චීනයෙන් වාර්තා වේ.

‘කෝවිඞ් 19’ වයිරසය එකම පුද්ගලයකුට කිහිප වතාවක් ආසාදනය වීමේ හැකියාව ඇති බව මේ අනුව තහවුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

කෙසේ නමුත් මේ වනවිට චීනයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීම අඩු වෙමින් පවතී. ඊයේ (13) හුබෙයි පළාතෙන් හමුවුණු ‘කෝවිඞ් 19’ ආසාදිතයන් ගණන 8 ක් යැයි ද පැවැසිණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS