දුම්රියේ වෙඩි තැබූ පුද්ගලයා අල්ලා ගැනෙයි



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර උමං දුම්රියක් තුළ වෙඩිම් කළ පුද්ගලයා අල්ලා ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ඔහු 62 හැවිරිදි ෆ්‍රෑන්ක් ජේම්ස් නමැත්තා යැයි පොලිසිය පවසයි.

මගින්ගෙන් පිරී තිබුණු උමං දුම්රිය බෲක්ලින් දුම්රිය ස්ථානයකට පිවිසෙද්දී මෙම තැනැත්තා දුම් බෝම්බ කීපයක් පුපුරුවා හැර ඉන්පසු මගීන්ට වෙඩි තැබූ බව පැවැසෙයි. වෙඩි තැබීමෙන් කිසිවකුවත් ජීවිතක්ෂයට පත්වුයේ නැත. 13 ක් තුවාල ලැබූහ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS