දිළිදු රටවලට අමතර එන්නත් මිලියන 100 ක්



‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා ගෝලීය වයිරස වසංගතයට එරෙහිව ආරක්ෂිත සහ පලදායී එන්නතක් සොයාගත් පසු දුප්පත් රටවලට අමතර එන්නත් මාත්‍රා මිලියන 100ක් ලබාදෙන බව ගවි, එන්නත් සන්ධානය අද (29) නිවේදනය කළේය.

ඒ අනුව එවැනි එන්නතක් සාර්ථකව අත්හදා බැලුණු පසු ලබන වසරේදී (2021) දුප්පත් රටවලට අමතර එන්නත් මාත්‍රා මිලියන 100ක් ලබාදීමට පියවර ගන්නා බව එම සන්ධානය සඳහන් කළේය.

එම නිවේදනයත් සමඟ ඉන්දියාවේ සේරම් ආයතනයෙන් ලොව දුප්පත් රටවලට එන්නත් මිලියන 200ක් ලැබේ. ඉන්දියාවේ සේරම් ආයතනය හරහා දුප්පත් රටවලට එන්නත් මිලියන 100ක් ලබාදෙන බව ගවි, එන්නන් සන්ධානය සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම පසුගිය අගෝස්තු මාසයේදී නිවේදනය කළේය.

ඉන්දියාවේ සේරම් ආයතනය ධාරිතාව අනුව ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වේ.

එක එන්නත් මාත්‍රාවක උපරිම මිලි ඇමෙරිකානු ඩොලර් තුනක් වනු ඇතැයි ද ගවි, එන්නත් සන්ධානය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS