දිල්ලි ගොඩනැගිල්ලක් කඩා වැටේ

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර විශ්ව විද්‍යාලයකට නුදුරින් පිහිටි මහල් හයකින් සමන්විත නේවාසිකාගාර ගොඩනැගිල්ලක් කඩා වැටුණි. එසැණින්, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ප්‍රදේශවාසීන්, පොලිසිය, ගිනි නිවන හමුදාව ඊට එක් විය. නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ඇඳන් 75 ක් ඇති බවත්, එය බිමට සමතලා වෙද්දී, සිසුන් 50 දෙනකු නේවාසිකාගාරයේ සිටි බවත් පැවැසෙයි.
උදෑසන වෙද්දී, සිසුන් හත් දෙනකු සුන්බුන් අතරින් සොයා ගැනීමට හැකිවුණු බවත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කළ බවත් වාර්තා වේ. සුන්බුන් අතරින් ඇතැම් සිසුන් උදවු ඉල්ලා කෑ ගසන බව ද පැවැසෙයි. ගිනි නිවන රථ 12 කට වැඩි ප්‍රමාණයක්, ගිලන් රථ සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් ද දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටී. සුන්බුන් ඉවත් කිරීම සඳහා යන්ත්‍රෝපකරණ භාවිතයට ගැනෙයි.

