දිනක ආසාදිතයන් ගණන මිලියන 37 ක්

'කොවිඩ් 19' වසංගතය හිස ඔසවා ඇති චීනයෙන් දෛනිකව ආසාදිතයන් මිලියන 37 ක් වාර්තා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම දෙසැම්බර් මාසයේ පළමු දින 20 ඇතුළත මිලියන 248 ක් දෙනා වයිරසය ආසාදනය වී ඇතැයි ද චීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
චීනය බිහිසුණු අයුරින් 'කොවිඩ් 19' වසංගතයකට මුහුණ දෙන්නේ එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කළ බැවිනි. රජය එසේ කටයුතු කළේ ජනතා විරෝධය හමුවේය.
(රොයිටර්)

