දින 5 ක් ඇතුළත රටින් පිටවෙන්න



ප්‍රමුඛ පෙළේ මානව ක්‍රියාකාරියකු වූ කැනඩා ශීක් ජාතික හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය පසුපස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයේ ඒජන්තවරුන් සිටින බවත්, එම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට කැනඩා ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇති බවත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඊයේ (19) පාර්ලිමේන්තුව හදිසි සැසියකට සහභාගී වෙමින් පැවැසීය.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින්, එම චෝදනාවලට විරෝධය පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඉන්දියාවේ වෙසෙන සියලුම කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අණ කළේ දින 5 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවන ලෙසය.


RECOMMEND POSTS