දින 200 යි: තායිවානයේ කොරෝනා නෑ

තායිවානයේ කොරෝනා ආසාදිතයන් නොමැති බවත්, දින 200 කින් තායිවාන සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවුණු බවත් එරට වසංගත රෝග මර්දන ඒකකට පවසා තිබේ.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. චීනයේ සෙසු පළාත්වලට වයිරස ව්‍යාප්තිය සිදුවුණු සැණින්, තායිවාන සෞඛ්‍ය බලධාරීහු වහා ක්‍රියාත්මක වූහ.
නිරෝධායන නීති පනවා ක්‍රියාත්මක කරමින්, සංචරණ තහංචි පනවමින්, තායිවානයට වයිරසය පැතිරීම අවම කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් සහ තායිවාන රජය සමත් විය.
තායිවාන රජය කොවිඩ් 19 මර්දනයට විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටවූ අතර එහි නායකත්වය ගනු ලැබුවේ එරට හිටපු උප ජනාධිපතිවරයකු වන චෙන් චියැවන් ජෙන් ය. මොහු වසංගත රෝග පාලන විශේෂඥයකු ලෙස පුහුණුව ලබා ඇති අයකෙි.
සෞඛ්‍ය අංශ, රජය සහ ආරක්ෂක අංශ එකමුතු වී, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, නිසි ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාස කිහිපයේ සිට මේ දක්වා තයිවානයෙන් වාර්තා වූයේ ආසාදිතයන් 553 ක් පමණි. මරණ වාර්තා වූයේ 7 ක් පමණි.
දූපත් රජ්‍යයක් වන තායිවානය ඇත්තේ චීනය අසලය. අතීතයේ තයිවානය චීනයට අයත් කොටසක් වූ අතර, අද වෙනම රාජ්‍යයක් ලෙස සැලකුණත්, චීනය තවමත් තායිවානය සලකන්නේ ඔවුන්ට අයත් පාලන ප්‍රදේශයක් ලෙසය. මේ හේතුව නිසා, චීනය සහ තායිවානය අතරේත් චීනය සහ සෙසු රටවල් අතරේත් දේශපාලනික වශයෙන් අර්බුද පවතී.
තායිපේහිදීය (ඒ.එෆ්.පී)

