දිගටම බලයේ ඉන්න හදනවා



මාලදිවයින ජනාධිපතිවරණයේදී අක‍්‍රමිකතා සිදුවුණැයි පෙන්වා දෙමින්, දිගටම බලයේ රැුඳී සිටීමට ජනාධිපති අබ්දුල්ලා යමීන් සහ ඔහුගේ පාලක ප‍්‍රගතිශීලී පක්ෂය උත්සාහ ගන්නා බවට, ජනාධිපතිවරණයෙන් ජය‍්‍රහණය කළ මාලදිවයින ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය චෝදනා කර තිබේ.

ජනාධිපතිවරණයේ අක‍්‍රමිකතා සිදුවුණු බව පෙන්වා දෙමින්, පාලක ප‍්‍රගතිශීලී පක්ෂය මාලදිවයින මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ නිල වශයෙන් ප‍්‍රතිඵල නිකුත් කිරීම ලබන ඉරිදා (30) තෙක් කල් දමන ලෙසය.

මාලදිවයිනේ ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය 23 වැනිදාය. මාලදිවයින ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ප‍්‍රමුඛ විපක්ෂ සන්ධානය එයින් ජයග‍්‍රහණය කළ බව මැතිවරණ ප‍්‍රතිඵලවලින් පෙනී ගියේය. ජනාධිපති අබ්දුල්ලා යමීන් ද කියා සිටියේ, මැතිවරණ ප‍්‍රතිඵලය තමන් පිළිගන්නා බවත්, පරාජය බාර ගන්නා බවත්ය.

ජනාධිපති යමීන්ගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් 17 වැනිදාය. තමා එතෙක් බලයේ රැුඳී සිටින බව ද ජනාධිපති යමීන් ජාතිය අමතමින් කළ කතාවේදී පෙන්වා දුන්නේය.

ප‍්‍රගතිශීලී පක්ෂයේ නායක අහ්මද් නලීන් මාලේ අගනුවරදී මාධ්‍ය හමුවේ කියා සිටියේ ඉතා සැලැසුම්සහගතව සහ ක‍්‍රමාණුකූලව මැතිවරණ අක‍්‍රමිකතා රැුසක් සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන තෙක් නිල වශයෙන් ප‍්‍රතිඵල නිකුත් කිරීම ප‍්‍රමාද කරන ලෙසය.

විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක මොහොමද් සෝලී ය. මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවීමට නියමිතව සිටින්නේ මොහුය. සෝලී ඉන්දියානු හිතවාදියකු බව පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS