දලදඬු ’කොවිඩ්’ නීතිවලට විරෝධයක්
චීන රජයේ දලදඬු 'කොවිඩ්' නීතිරීති එසේත් නැතිනම් සෞඛ්‍ය සීමාවලට එරෙහිව එරට නගර රැසක විරෝධතා ආරම්භ වී ඇත.
පසුගිය දා ෂිංජියැං පළාතේ මහල් නිවාස ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම, එම විරෝධතා උත්සන්න කිරීමට හේතුවක් වූ බව පැවැසෙයි.
ෂැංග්හායි නගරයේත්, බෙයිජීං නගරයේත් විරෝධතා පැවැත්වෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂ රජයට සහ ජනාධිපති ෂී ජින්පින්ට විරෝධය දක්වමිනි. විරෝධතා සඳහා විශ්ව විද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන් ද එක් වී සිටින බව පැවැසෙයි. චීන ජනාධිපති ෂී ජින්පින්ට බලතලවලින් වහා ඉවත් වන්නැයි ද විරෝධතාකරුවෝ බල කර සිටියහ. චීන රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව මේ ආකාරයට විරෝධතා පැවැත්වීම ඉතා දුර්ලභ සිදුවීමක් බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර තිබේ.
'කොවිඩ් 19' වයිරය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඒ, 2019 වසර අවසානයේය. 2020 වසරේ මුල් මාස කීපයේ චීනය දරුණු ලෙස වයිරසයෙන් බැට කෑවේය. ඉන්පසු 'කොවිඩ් 19' ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් විය.
ආරම්භයේ පටන් චීන සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව, චීන රජය දැඩි නීති පනවමින් වයිරස ව්‍යාප්තිය පාලනය කරයි. ආසාදිතයකු හමුවුණු සැණින්, පළාත් සහ නගර මුළුමනින්ම ලොක්ඩවුන් කර සියලු ආසාදිතයන් හඳුනා ගැනීම සහ ඔවුන් වෙන් කිරීම සිදු කරයි.
දින ගණනක් තිස්සේ සිදුවන ලොක්ඩවුන් කිරීම් චීන වැසියන්ගේ දෛනික කටයුතු අවුල් කිරීමට හේතුවක් වී ඇති අතර විරෝධතා පැවැත්වෙන්නේ ඒ නිසාය.
මේ වනවිට ලෝකයේ සෙසු රටවල් 'කොවිඩ් 19' සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත් චීනය පමණක් තවමත් දලදඩු සෞඛ්‍ය නිතී ක්‍රියාත්මක කිරීම චීන වැසියන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.
මේ වනවිට චීනයෙන් දෛනිකව වාර්තා වන 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 40,000 ක් යැයි එරට සෞඛ්‍ය අංශ අද (25) පැවැසීය. පසුගිය තෙදින පුරාවට දෛනිකව ආසාදිතයන් 30,000 වඩා වාර්තා වූ බව ද පැවැසෙයි.
(රොයිටර්)