දරුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
සෞදි අරාබියාවේ තබුක් ප්‍රෙද්ශයේ දැරුවකුට අමානුෂික අකාරයෙන් පහර දුන් පුද්ගලයෙකු සෞදි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ඇති බව කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු වන කලීඩ් අබ්දුල් කාලී ප්‍රකාශ කල බව ජි.ඩි.එන් ඔන්ලයින් බෙව් අඩවිය වර්තා කලේය.
මෙම දරුවාට පහරදීමෙන් සිදුව ඇති තුවාල දැක්වෙන විඩියෝවක් සමාජජාල වෙබ් අඩවියක පළවීමෙන් පසු පොලීසිය මගින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් රදවාගෙන ප්‍රශ්න කරනු ලබන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කර ඇත.
පහර දුන් පුද්ගලයාගේ සහෝදරයා මිය යෑමෙන් පසු සහෝදරයාගේ බිරිද විවාහ කරගත් බව පොලීසිය කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලදී පාපොච්ඡාරණය කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන අතර සමාජජාල වෙබ් අඩවියේ පලකරන ලද විඩියෝද අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතයි.
පරිවර්තකගේ සටහන:- දෙමාපියන් අහිමිව සිටින දරුවන් මානසික වශයෙන් පීඩාවිදින පිරිසක් වන අතර සමාජ වගකීමක් වශයෙන් අප සියළු දෙනා විසින් සිදුකල යුත්තේ එම දරුවන්ට හැකිතාක් උදව්කර සමාජයට වැඩදායි පිරිසක් බවට පත්කිරීමයි.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

