දමිළ නළු විජේ මැතිවරණ වේදිකාවේ
ඉන්දීය දෙමළ නළු තලපති විජේ, දේශපාලනයට පිවිසෙමින්, සිය මංගල කතාව පැවැත්වීය. ඒ, තමිල්නාඩුවේ පාලක ඩී.එම්.කේ. පක්ෂය, චෙන්නායි නුවර සංවිධානය කළ ‘තමිල්ග වෙටි්ර කසාගම්’ ජන රැලියට එක් වෙමිනි.
තමන් දේශපාලනයට පිවිසියේ ජනතාව වෙනුවෙන් බවත්, ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බවත්, වෛරයෙන් පිරි දේශපාලනය තමන් අනුමත නොකරන බවත්, විජේ පැවැසීය.
තම ආදරණීය සිනමා වීරයා විජේ දැක ගැනීමටත්, ඔහුට සහාය දැක්වීමටත්, ඔහුගේ මංගල දේශපාලන කතාව ඇසීමටත් දස දහස් ගණනක් තමිල්නාඩු වැසියෝ රැලියට එක් වී සිටියහ.
සිනමාවේ අතිශය ජනප්රිය චරිතයක් වන විජේ දේශපාලනයට පිවිසියේ රංගනයට සමුදෙමිනි. ඔහුගේ අවසන් චිත්රපටය වූයේ ‘ග්රේටස් ඔෆ් ඕල් ටයිම්ස්’ ය.