දකුණු කොරියාවෙන් හමුදා ඉවත් කර ගන්නවා



දකුණු කොරියාවේ සෝල් අගනුවර රඳවා සිටින ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් ඉවත් කර ගැනීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්පල් කියයි.

ජනපති ට්‍රම්ප් සහ දකුණු කොරියා රජය අතරේ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වෙන බව ද වාර්තා වේ.

ඇමෙරිකන් සොල්දාදුවන් දකුණු කොරියාවේ රඳවා තැබෙන්නේ දකුණු කොරියාවේ ඉල්ලීම මත එරට ආරක්ෂාව වෙනුවෙනි. ඒ, කොරියන් යුද්ධය අවසන් වීමෙන් පසුවය. උතුරු සහ දකුණු ලෙස කොරියාව දෙකඩ වූයේ මෙම කොරියන් යුද්ධයෙන් පසුවය.

(රොයිටර්)


RECOMMEND POSTS