දකුණු කොරියාවට නව ජනපතිවරයෙක්



දකුණු කොරියාවේ පැවැති ජනපතිවරණයෙන් මූන් ජෝ ඉන් ජයග්‍රහණය කළේය.

64 හැවිරිදි නීතීඥයකු ද වන මූන් ජෝ ඉන් ආර්ථික විශේෂඥයෙකි. තමා බලයට පත්වුවහොත් උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට කටයුතුකරන බව පවසා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ මූන් සියයට 41.1 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය. ඔහුට අභියෝගයක් වූ කොන්සවර්ටිව් අපේක්ෂිකා හොංග් ජෝන් ප්යෝ දිනා ගත්තේ සියයට 25.5 ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් යැයි දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS