දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඇරැඹේ

දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අද (8) ආරම්භ විය.
මිලියන 2.8 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බවත්, ඡන්ද මධ්‍යස්ථාන 22,925 ක් පිහිටුවා තිබුණු බවත් දකුණු අප්‍රිකා මැතිවරණ බලධාරීහු පැවැසූහ.
ඡන්ද ප්‍රකාශ කිරීම උදෑසන 7 ට ආරම්භ විය. එය අවසන් වූයේ පැය 14 කට පසුව යැයි දකුණු අප්‍රිකා පුවත් සේවා වාර්තා කළේය. පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා පක්ෂයේ අපේක්ෂකයාට ජනපති ධුරය හිමිවෙයි. නව ජනාධිපතිවරයා ලබන 25 වැනිදා දිවුරුම් දීමට නියමිත බව ද පැවැසෙයි.
බලයේ රැඳී සිටින අප්‍රිකානු ජාතික කොංග්‍රසයට යළි ජයග්‍රහණය කිරීමට හැකිවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. වසර 10 ක් තිස්සේ, දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයේ රැඳී සිටියේ ජේකොබ් සූමාය. දූෂණ චෝදනා හේතුවෙන් සහ ජනතා බලකිරීම් මැද සූමා ධුරයෙන් ඉවත් වූ අතර ඉන්පසු සිරිල් රැම්පෝසා එම ධුරයට පත් විය.
කේප්ටවුන්හිදීය (ඒ.එෆ්.පී.)

