දකුණ සමඟ එක් වෙන්න කැමැත්තෙන්



සීත ඔලිම්පික් උලෙළ මුල්කොට ගනිමින් නිර්මාණය වුණු යහපත් සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස දකුණු කොරියාව සමඟ එක් වී, එක්සත් කොරියාවක් බිහිවනු දැකීම තම කැමැත්ත යැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසා ඇත.

‘උතුරු සහ දකුණු වශයෙන් බෙදී වෙන්වෙන්නේ නැතිව, සියලුම කොරියානු වැසියන්, කිසිදු විදේශයක මැදිහත්වීමකින් තොරව කොරියාව යටතේ එක්විය යුතුයි.’ යැයි උතුරු කොරියානු නායකයා නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

පවතින අර්බුදකාරී තත්ත්වය එක රැයින් විසඳිය නොහැකි බවත්, දෙරටේ වැසියන්ගේ ආකල්ප වෙනස් කිරීම හරහා එය කළ හැකි බවත් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS