තොරතුරු තාක්ෂණ පද්ධතිය යකා නටලා

සෞදි අරාබි තොරතුරු තාක්ෂණ පද්ධතියක සිදුවු කාර්මික දෝෂයක් හේතුවෙන් කිංග් ෆහද් පාළම ආසන්නයේ සහ ඒ අවට ප්‍රදේශ වල දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබූ බව අල්-රියාද් පුවත්පත වාර්තා කළේය.
කාර්මික දෝෂය පසුගිය දා සවස 6.50 ඇතිවී ඇති අතර ඒ හේතුවෙන් දිගු වාහන පෝළිම් දක්නට ලැබී ඇත.
විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරිමේ අංශයේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සවස 7.20ට පමණ ජාතික තොරතුරු මාධ්‍යස්ථානයේ කාර්මික නිලධාරීන් කටයුතු කළ බව නැගෙනහිර පළාත් විදේශ ගමන් බලපත්‍ර කාර්යාල ප්‍රකාශක, කර්නල් මාල අල්-ඔටාබි ප්‍රකාශ කළේය.
කෆ්ජි සහ අල්-රකායි පිවිසුම් ස්ථානවලද මෙවැනි තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බව වාර්තා වේ.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔස්ලයින් ඇසුරිනි

