තෙවැනි යටයේ සාම කතා හෙට

යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින්, රුසියාවත් යුක්රේනයත් අතර තෙවැනි වටයේ සාම සාකච්ඡා හෙට (7) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
රුසියාව යුක්රේනය ආක්රමණය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. යුද ගැටුම් ඇවිලෙද්දී, බටහිර රටවල පෙළඹවීම මැද දෙපාර්ශ්වයේම කැමැත්තෙන් සාම සාකච්ඡා ආරම්භ විය.
දෙවැනි වටයේ සාම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ පසුගිය තුන්වැනිදාය. පළමු සහ දෙවැනි සාම සාකච්ඡා පැවැත්වූයේ යුක්රේන බෙලරූස් දේශසීමාවේය.
(අල් ජසීරා)

